වව්නියාව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවට යළිත් වතාවක් සේනා දළඹු උවදුර හටගෙන ඇති බව වව්නියාව ගොවි ජනතාව පවසයි.
වව්නියාව බඩ ඉරිඟු වගාවේ නිරත ගොවි ජනතාව පැවසුවේ වවුනියාව මහමයිලන්කුලම, නන්දිමිත්‍රගම, මුණ්ඩිමුරුප්පුව, සූඩූවෙන්දපිලව් ආදි ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාව වෙනුවෙන් සේනා දළඹු උවදුර නැවත හටගෙන ඇති බවයි.
පසුගිය වතාවේදී ද සේනා දළඹු උවදුර හේතුවෙන් ප්‍රදේශයේ බඩ ඉරිඟු වගා කළ ගොවි ජනතාවට දැඩි ලෙස පාඩු සිදුවු බව වව්නියාව ගොවි ජනතාව පවසයි.



