එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයාසා මහතා අභාවප්රාප්ත වී තිබේ.
ඒ, සිංගප්පූරුවේ රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට මන්ත්රීවරයා 57 හැවිරිදි වියේ පසු විය.
ඔහුගේ දේහය අද (04) රාත්රියේ දිවයිනට ගෙන ඒමට නියමිතයි.
වර්ෂ 1962 මැයි මස තුන්වනදා ගොඩකවෙල අල්පිටිය ගම්මානයේ උපත ලැබූ රංජිත් සොයිසා මහතා පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු ගෙන් යුුතු පවුලේ දෙවැනි පිරිමි දරුවායි.
සිංගප්පූරුවේ රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ රංජිත් සොයාසා මහතාගේ දේහය අද රාත්රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
මේ අතර රංජිත් සොයිසා මහතාගේ අභාවයත් සමඟ පුරප්පාඩුවන මන්ත්රී ධුරය සඳහා මීළඟට මනාප ලැයිස්තුවේ පෙරමුනේ පසුවන්නේ හිටපු පළාත් සභා මන්ත්රී වරුණ ලියනගේ මහතායි.



