පහරදී බරපතළ තුවාල සිදුකොට යාපනය, කල්වියන්කාඩු ප්‍රදේශයේ මාර්ගයේ දමා ගිය පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ (03) දෙපිරිසක් අතර සිදුව ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු 26 ක පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකොට එලෙස මාර්ගයේ දමාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
යාපනය ආරක්ෂක අංශ පැවසුවේ, ගැටුම සම්බන්ධයෙන් වයස අවුරුදු 28 ත් 30 ත් අතර පසුවන පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය හා යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



