බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ.
2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබුණි.
එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩ මුදලක් නියම කරන බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු මහතා “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කර තිබේ.
මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කර තිබුණි.



