මුල්ලේරියාව ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකින් දෙදෙනෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 02කට අධික තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඔවුන් කලකසිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටින බවයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙතභාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.