දුම්වැටි සමඟ අ‌යෙක් අත්අඩංගුවට

Share

මාතර, දෙණියාය ප්‍රදේශයේදී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

දෙනියාය, පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධි දුම්වැටි 600ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු ඉදිරි විමර්ශන සඳහා දෙණියාය පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News