වැල්ලවාය පොලීසිය විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ සිදු කල වැටලීමක දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දීර්ඝකාලීන සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවටද පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුවන් ආනපල්ලම, බද්දෙලන්දයාය, කරදගොල්ල සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචි පිළිවෙලින් වයස අවුරුදු 18, 21, 23 සහ 26 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් හැට බැගින් ද අනෙක් සැකකරුවන් තිදෙනා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් හැත්තෑව බැගින් ද තිබී ඇත.
සැකකරුවන් අද (12) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



