ෂාෆිගේ නඩුව ජනවාරි 16 දා යළි කැඳවයි

Share

කුරුණැගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි සියාබ්දීන් වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරන බව අධිකරණයට දැනුම් දී ඇත.

 

අදාල නඩුව අද (12) කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දී තිබේ.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ අදාල විමර්ශන සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

නඩුව යළි ලබන ජනවාරි මස 16 වනදා කැඳවීමට නියමිතයි.

Read more

Local News