කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (14) පස්වරු 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට හෙට දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

තවද, කොළඹ 02 හා 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read more

Local News