මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක්ට මරණීය දණ්ඩනය නියම කරයි

Share

හෙරොයින් මත්කුඩු සහ ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත.

 

කොළඹ, අළුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිමියොන් විල්සන් නැමැති 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට මෙසේ දඬුවම් නියම වුණි.

2018 වසරේ පෙබරවාරි මස 18 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අලුත්කඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්කුඩු ග්‍රෑම් 60 .73 ගංජා ග්‍රෑම් 12.18 සන්තකේ තබාගැනීම සිටියදී මොහු අත්අඩංගුට ගෙන තිබුණි.

පසුව හෙරොයින් හා ගංජා සන්තකේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හෙරොයින් සහ ගංජා සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එල්ල කර තිබූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුට හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය සහ ගංජා ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා වලට වසරක් බැගින් සිර දඬුවම් නියම කරන බව විනිසුරු වරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

Read more

Local News