අසත්‍ය සාක්ෂි දුන් පොලිස් සැරයන්වරයෙකුට මහාධිකරණයෙන් වසරක සිරදඬුවම්

Share

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවකදී අසත්‍ය සාක්ෂි දුන් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත එක් වසරක සිර දඬුවම් නියම කර ඇත.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරන ලදී.

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් මොහොමඩ් ගඩාෆි නැමැත්තෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අදාළ සැකකරුට මරණීය දණ්ඩනය නියම කරන ලදී.

එම නඩුවේ සාක්ෂි ලබා දුන් පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි මාලිගාවත්ත පොලිසියේ හිටපු සැරයන්වරයෙකු වන චන්ද්‍රරත්න නැමැත්තාට මෙසේ දඬුවම් නියම කරන කර තිබේ.

Read more

Local News