පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකුට වෙඩි

Share

හෝමාගම අධිකරණ භූමිය අසලදී පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා ඇත.

 

තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුලත්කර ඇති බව වාර්තා වෙයි.

අද (17) උදෑසන අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා රැගෙන විත් තිබූ අදාල සැකකරු මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ.

එහිදී සැකකරු ලුහුබැද ගිය බන්ධනාගාර නිලධාරීන් සැකකරුගේ පාදවලට වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය.

Read more

Local News