ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට

Share

නාවලපිටිය සිට කොත්මලේ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

 

ඊයේ (16) දින රාත්‍රි 8.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය කොත්මලේ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රුවන්පුර ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් බස් රථයේ ගැටිමට යාමේදි ලංගම බස් රථයේ රියදුරා එම අනතුර වලක්වා ගැනිමට උත්සහ කිරිමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසියි පැවසුවේ.

අනතුරෙන් බස් රථයේ ගමන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අදාල ත්‍රිරෝද රථය පලා ගොස් ඇත.

අනතුර පිලිබදව නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News