නීතිවිරෝධීව මසුන් ඇල්ලීමට ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගනී

Share

නාවික හමුදාව විසින් 2019 ඊයේ (16) දින මඩකළපුවකළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

 

ධීවර කටයුතු සඳහා නීති විරෝධී දැල් භාවිතා කිරීම තුලින් මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත් ද විනාශයට පත් වන අතර, එබැවින් එවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

එහි තවත් එක් මෙහෙයුමක් මඩකලපුවකළපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ අතර, එහිදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් 25 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

සොයා ගන්නා ලද තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුවසහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සිටී.

Read more

Local News