සීල්ගේ ආරක්ෂාවට කණ්ඩායම් 4ක් යොදවයි

Share

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

පැරණි හම ඉවත්වී අලුත් හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්ත්වයාට තවදුරටත් නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්ත්වයා ආසන්නයට නොයන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read more

Local News