දක්ෂිණ අධිවේගි මාර්ගයේ මිල්ලනිය ප්රදේශයේදී කුඩා ලොරි රථයක් පෙරළිමමෙන් අනතුරක් සිදු වි තිබේ.
මතුගම යටිදොල ප්රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ රබර් ෂීට් තොගයක් පටවා ගත් කුඩා ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදි අනතුරකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
මෙම අනතුරෙන්, රථයේ සහයකවරයා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.
ලොරියට දැරිය නොහැකි ආකාරයට රබර් ෂීට් පටවා තිබීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.



