සීගිරිය, අව්ඩන්ගාව ප්රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තබේ.
අද (18) අළුයම බන්ධනාගාර රැදවියෙකු නඩු කටයුත්තක් සදහා පල්ලකැලේ බන්ධනාගාරයේ සිට හිගුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියේදී වෑන් රථය මාර්ගයෙන් පිටතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ රැදවියෙකු සහ තවත් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කරයි.



