ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය ජනපති කාර්යාලය නතර කරයි

Share

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.

 

එහි බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපතිවරයා අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිවරය උපදෙස් දී තිබේ.

එමගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වනු ඇත.

සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එසේ වුවහොත් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇත.

Read more

Local News