කේරළ ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් නීතියේ රැහැනට

Share

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (17) දින ජා ඇල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ශ්‍රී ලංකාව තුල ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදු කරනු ලැබු ඒකාබද්ධ මෙහෙයුමක් ජා ඇල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව ජා ඇල ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයකදී සැක කටයුතු මෝටර් රථයක් පරික්ෂා කර ඇති අතර, එහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයින් ලඟ තිබී මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයා ගැනීමට සමත්ව තිබේ.

පසුව මෙම සැකකරුවන් සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරුවන් මිගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, සැකකරුවන්, මෝටර් රථය සහ කේරළ ගංජා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පමුණුගම, පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News