දේශීය ව්‍යවසායකයා ආරක්ෂා කිරීම වර්තමාන ආණ්ඩුවේ වගකීමක් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ රටේ ස්වදේශීය ව්‍යාපාර හා කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.
කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බදු ප්‍රතිපත්තිය ස්වදේශීය ව්‍යාපාරිකයා හා ව්‍යවසාකයාට අනුව මිසක් ලෝක වෙළඳ සංවිධානයකට හෝ වෙනත් ආයතනයකට අවශ්‍ය පරිදි නොවන බවත් පැවසු ඒ මහතා, මේ රටේ වෙළඳපොළ වත්මන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂා කළ බවත් වැඩිදුරටත් පැවසීය.



