මුදල් සොකරම් කළ අධිකරණයේ කාර්යාල සහායකයෙක් අත්අඩංගුවට

Share

පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කර තිබූ රුපියල් 9870ක් ඇතුළත් මුද්‍රා තැබූ ලියුම් කවර 16ක් සොරකම් කළා යැයි සැකපිට අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

බදුල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් මේ පිළිබඳව බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබිණ.

සැකකරු අද (19) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News