ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 64 දෙනෙකු ලබන දෙසැම්බර් 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
නඩුව අද (19) කැදවු අවස්ථාවේ මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
නුවරඑළිය ජාතික තව්හිඩ් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන් පිරිසක් මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගත කර ඇති බව සඳහන් වෙයි.



