බොරැල්ල බස් රථගාලක අනාරක්ෂිත ලෙස වාහන තුනක ගබඩා කර තිබූ ඩීසල් තොගයක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව සඳහන්.
කුඩා ලොරියක සහ කැබ් රථ දෙකක ඩීසල් ලීටර් 540ක් තිබී පොලීසිය සොයාගෙන ඇත. එම ඩීසල් තොගය බහා තිබූ ප්ලාස්ටික් බූලි, ගෝස් බට ආදිය ද පොලීසිය භාරයට ගෙන ඇත.
රජයේ පෞද්ගලික ආයතනවල වාහනවලින් සොරාගෙන අඩු මුදලට අලෙවි කිරිම සඳහා ඩීසල් මෙම වාහනවල ගඩබා කර තබන්නට ඇති බව පොලීසිය පවසයි.



