යාපනය, විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසර අධ්‍යාපනය ලද සිසුවියකගේ මළ සිරුරක් ඊයේ (19) සවස සොයාගත් බව යාපනය තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියකගේ මළ සිරුරක් එලෙස සොයා ගැනීමට හැකිවු බව පොලීසිය පවසයි.
අදාළ සිසුවිය යාපනය මල්ලාකම් ප්‍රදේශයේ කුලී නිවසක රැදී සිට ඇති අතර සිසුවිය ඊයේ සිය නිවසට ගොස් නැවත පැමිණිමෙන් අනතුරුව ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.
තෙලිප්පලෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



