නීති විරෝධීව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ඩුබායි සිට මෙරටට පැමිණි අදාළ සැකකරු කටුනායක ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහුගේ ගමන් මලු තුළ තිබී රුපියල් එකොළොස් ලක්ෂ අසූ අට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 19,800ක් පමණ සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරු 20 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වෙයි.

Read more

Local News