ඩෙංගු වැළඳීමේ ප්‍රවණාතවය අඩුවෙයි

Share

මේ මස මුල් සති 03 තුළ ඩෙංගු රෝගය වැළඳීමේ ප්‍රවණාතව පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව පහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එහෙත් ඊසාන දිග මෝසම් තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොලඹ, ගම්පහ, කළුතර, යාපනය සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙයි.

දින දෙකක සිට සතියක පමණ කාලයක් දක්වා තද උණ සමඟ හිසරදය, මස්පිඬු සහ සන්ධි වේදනාව, ඔක්කාරය සහ සන්ධි වේදනාව, සමෙහි රතුපැහැ ලප හටගැනීම, රුධිර වහන තත්වයන් ඩෙංගු උණ රෝග ලක්ෂණ විය හැකි බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවයි අමාත්‍යංශය පවසයි.

ඩෙංගු උණයැයි සැකකරන හෝ තහවුරු වු කිසිදු විටක පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ඖෂධයක් ලබා නොගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News