සහල් වර්ග දෙකකට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

Share

සහල් වර්ග දෙකක් සඳහා උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (19) රාත්‍රි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව වාෂ්පයෙන් තම්බන ලද සුදු හෝ රතු සම්බා සහ සුදු හෝ රතු නාඩු කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වා තිබේ.

ඒ අනුව අදාළ නියමයන් උල්ලංඝණය කරමින් කටයුතු  කරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත යටතේ ක්‍රියාකරනු ඇත.

Read more

Local News