පාඨලී ච්ම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
සිරකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී කථානායකවරයාව දැනුවත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත්, වත්මන් රජය එම සම්ප්‍රදායට ගරු නොකර විනය ගරුක රටක් හදන බව ප්‍රකාශ කරන බවත් ඒ මහතා පැවසීය.
එසේම අවසන් වී ඇති නඩුවක් නැවත පරීක්ෂණයට ලක් කිරීමේ කිසිදු ගැටලුවක් නැති නමුත් ඒ සඳහා යොදා ගතයුතු නිසි ක්‍රමවේදයෙන් තොරව දේශපාලන පළිගැනීමක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුවු බවත් මුජිබර් රහුමන් මහතා පැවසීය.



