අයහපත් කාලගුණය නිසා පුද්ගලයින් 2ක් මරුට

Share

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 2,062කට අයත් පුද්ගලයින් 7,025ක් මේවන විට පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම අධික වර්ෂාපතනයක් සමඟ ඇතිවන තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 23කට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 219ක් අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව ආපදා කළමනාරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

අපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1,094කට අයත් පුද්ගලයින් 3,875 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් ආරක්ෂිත මධ්‍යස්ථාන 37කට යොමු කර ඇති බව ද එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්ප්පිලි මහතා පැවසුවේය.

Read more

Local News