සුසාන භූමියකින් අතුරුදන් වු පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

Share

මන්නාරම, නානට්ටන්, නරුවිලික්කුලම ප්‍රදේශයේ පදිංචිව සිට පසුගිය සෙනසුරාදා සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (20) සොයා ගැනීමට හැකිවු බව මන්නාරම, මුරුන්කන් පොලීසිය පවසයි.

 

නරුවිලික්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වු ඇන්තනිස් නිමල් නැමැති පුද්ගලයෙකු මළ සිරුරක් එලෙස සොයාගැනීමට හැකිවු බවයි පොලීසිය පැවසූවේ.

අදාළ පුද්ගලයා නානට්ටන් ප්‍රා‍දේශීය සභාවේ කම්කරුවෙකු ලෙස කටයුතු කොට ඇති අතර, පසුගිය සෙනසුරාදා උදෑසන සේවයට පිටත්ව ගොස් තිබිණ.

එහෙත් අදාළ පුද්ගලයා නැවත නිවසට නොපැමිණ ඇති අතර, මියගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් බිරිඳ විසින් මුරුන්කන් පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබිණ.

මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරුක් නරුවිලික්කුලම පොදු සුසාන භූමියේ පවතින බවට ප්‍රදේශයේ පුද්ගලයෙකු දැක පොලීසිය වෙත ඊයේ දැනුම් දී ඇත.

පසුව මළ සිරුර අතුරුදහන් වු පුද්ගලයාගේ බිරිද විසින් හඳුනාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News