උත්සව සමයේ ආරක්ෂාව තර කරයි

Share

මුළු දිවයිනම ආවරණය වන පරිදි උත්සව සමයේ විශේෂ සැලැස්මක් යටතේ ආරක්ෂාව තර කිරිමට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය පියවර ගෙන තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේය.

 

ඒ යටතේ කතෝලික ප්‍රජාව විශාල වශයෙන් සිටින ප්‍රදේශ ආවරණයවන පරිදි ජනතාවගේ ආරක්ෂාව සහතික කිරිම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනිමට අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් ජනතාවගේ ආරක්ෂාව තර කිරිම සඳහා අතිරේක භට පිරිස් යෙදවිමට කටයුතු කර ඇති බවට සඳහන්.

Read more

Local News