උත්සව සමයේ ගම්බිම් යන්න විශේෂ බස් රථ හා දුම්රිය සේවාවක්

Share

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස්රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

 

ඒ උත්සව සමය වෙනුවෙන් කාර්යක්ෂම ලෙස පොදු ප්‍රවාහන සේවා සේවා සැපයීම වෙනුවෙන් ඊයේ (20) අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාකදීයි.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මස 26 දින සිට එළැඹෙන 2020 වසරේ ජනවාරි පළමුවනදා දක්වා සියලුම ලංගම බස් රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුගේ නිවාඩු අවලංගු කර ඇත.

පිටකොටුවේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ 30 සිට 100 දක්වා අමතර බස් රථ යෙදීවීමට පියවරගෙන ඇති අතර හැටන්, බදුල්ල, නුවරඑළිය, වවුනියාව හා යාපනය දක්වා එම අමතර බස් රථ ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

අධිවේගී මාර්ගයේ මාකුඹුර, කොට්ටාව, කඩවත, කඩුවෙල, මාතර, ගාල්ල, මීගමුව පර්යන්ත කරා උත්සව සමයේ උපරිම බස් රථ සේවාවක් යෙදවීමටද තීරණය කර ඇත.

අනිද්දා සිට කොළඹ කොටුව-මහනුවර අතර සුඛෝපබෝගී දුම්රියක්ද, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය සේවා අවහිර වියහැකි බැවින් විශේෂ බස් රථ සේවාවක් යෙදවීමටද තීරණය කර ඇත.

Read more

Local News