ජනපතිගේ නායකත්වය යටතේ අල්ලසට දුෂණයට ඉඩක් නෑ

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අල්ලසට දුෂණයට ඉඩක් නොමැති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (20) මහියංගණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එතුමාව බලයට ගෙනා විට එවැනි නීති විරෝධී දේ සිදු කිරීමට හැකියාවක් ඇති බවට ඇතැම් පිරිස් සිතුවට එය එසේ සිදු කළ නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා අවශ්‍යව ඇත්තේ රට තුළ සුපිරිසිදු පාලනයක් ගෙනයාමට බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඕනෑම දේශපාලන පක්ෂයකට වැඩ කිරීමට ඕනම කෙනෙකුට අයිතියක් තිබෙන බවත් එය අප සියළු දෙනා පිලිගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News