පුරවැසි පනතට එරෙහි විරෝධතා නිසා 13ක් ජිවිතක්ෂයට

Share

රජයේ නව පුරවැසි පනතට එරෙහිව පවතින විරෝධතා හේතුවෙන් උතුරු ඉන්දීයාවේ ඊයේ (20) දිනය තුළ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

විරෝධතා හේතුවෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මතභේදාත්මක රජයේ නව පනත් කෙටුම්පතට එරෙහිව පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව සදහන් වෙයි.

පොලිස් අණ නොතකා මෙම විරෝධතා පවත්වන අතර ඊයේ දිනය තුළ මියගිය පිරිස අතර පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

කෙසේ වෙතත් එම චෝදනාව රජය විසින් ප්‍රතික්ෂප කර තිබේ.

Read more

Local News