කඳවුරක් තුළ දී යුද හමුදා සෙබලෙක් දිවි නසා ගනී

Share

වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ මුරකුටිය තුළ දී හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.

 

වතුපිටිවල යුද හමුදා කදවුරේ සිට ආහාර රැගෙන යාම සදහා ඊයේ පස්වරුවේ අදාළ සෙබලා ඇතුළු පිරිසක් වේයන්ගොඩ යුධ හමුදා කදවුර වෙත පැමිණ ඇත.

එහිදි අදාළ සෙබලා මුරකුටිය තුළ නැවති ඇති අතර පසුව ඔහු සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ 05 වන විජයබා රෙජිමේන්තුවට අයත් 19 හැවිරිදි සාමාන්‍ය සෙබලෙකු බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News