තදවැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150ත් 200ත් අතර ඉතා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලටත් මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරයි.

දකුණු පළාතට සහ මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ වු වැසි ඇති විය හැකියි.

Read more

Local News