අයහපත් කාලගුණය නිසා පවුල් 3314ක ජනතාව පීඩාවට

Share

දිවයිනේ දිස්ත්‍රික් 13 කට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 3314කට අයත් පුද්ගලයන් 12,000ක් පමණ විපතට පත්ව ඇත.

 

ඔවුන් ආරක්ෂිත ස්ථාන 90ක රදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල යි.

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

මාතලේ, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ලග්ගල, පල්ලේගම, නාවුල, විල්ගමුව, රත්තොට, උඩුදුම්බර, මැද දුම්බර, වලපනේ, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, හාලිඇල, ඌවපරණගම, ඇල්ල, හල්දුම්මුල්ල, පස්සර, ලුණුගල, හපුතලේ සහ සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම පිළිබද රතු නිවේදන නිකුත් කර ඇත.

Read more

Local News