පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) පෙරවරු 09.00ට පමණ පැමිණ තිබේ.
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය හමුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මන්‍ත්‍රිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අයඳුම්පතක් ඉදිරිපත් කර තිබුණි.
මන්ත්‍රිවරයා විසින් පසුගිය 19 වනදා අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ අතර එය අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේවෙතත් රාජිත සේනාරත්න මහතා විසින් නැවත වරක් අපේක්ෂිත ඇප අයදුම්පතක් පසුගිය 20 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.
ඒ අනුව අද දිනයේ දෙවන වරට ඉදිරිපත් කළ අපේක්ෂිත අයඳුම්පත සළකා බැලීම සිදුකෙරෙයි.



