උතුරුට තද වැසි

Share

උතුරු පළාතේ සහ පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (23) දිනය තුළ මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මීට අමරතව මධ්‍යම පළාතේ සහ අම්පාර මඩකලපුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත් 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තරමක තදවැසි මෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

අධික වර්ෂාව පවතින අවස්ථාවලදී නායයෑම් අවදානම පිළිබඳව සැලිකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Read more

Local News