ඉන්දියාවේ රෙදි ගබඩාවක ගින්නකින් 9ක් ජිවිතක්ෂයට

Share

ඉන්දියාවේ වයඹදිග දිල්ලියේ කිරාරි ප්‍රදේශයේ රෙදි ගබඩාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මහල් තුනකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ පහත මාලයේ අද (23) අලුයම 12.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

අදාළ තෙමහල් ගොඩනැගිල්ලේ එක් පියගැටපෙළක් පමණක් ඇති අතර, ගිනි නිවන උපකරණ කිසිවක් ද නොතිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read more

Local News