යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට

Share

මොණරාගල-බිබිල ප‍්‍රධාන මාර්ගයේ බුත්සරණපිටිය මංසන්ධියේදී අද( 23) දහවල් යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇති බව මොණරාගල පොලීසිය පවසයි.

 

අදාළ අනතුරින් මියගොස් ඇත්තේල මොණරාගල පොලීසියට අනුයුක්තව සේවයේ නියුතුව සිටි මොණරාගල, බිබිල   ප්‍රදේශයේ පදිංචි ඩී.එම්.විජේරත්න නැමැති 38 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

පොලිස් නිලධාරිවරයා සිය නිවසේ සිට මොණරාගල පොලීසියට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News