දිවයින පුරා පවතින වැසි තත්ත්වය දෙසැම්බර් මස 25 වන දින සිට තාවකාලිකව තරමක් දුරට අඩුවන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඌව, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.
බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වල උදෑසන ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පවතියි.
ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



