වසර 5කට පසුව සැඟව සිටි ස්ත්‍රී දුෂකයෙක් අත්අඩංගුවට

Share

බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් දූෂණය කිරීමෙන් පසුව වසර පහක් පුරා අල්ලා ගත නොහැකිව සිටි   පුද්ගලයෙකු අත්අඅඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මෙම කාන්තාව දූෂණය කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිට ඇත.

පසුව නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් ඔහු වැලිවේරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සිදුකල වැඩිදුර විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

ඔහු සම්බන්ධයෙන් බදුල්ල පොලීසියේ ද සහය ඇතුව වැඩිදුරටත් සිදු කළ පරීක්ෂණවලදී ඔහු විසින් 2014 මාර්තු මස 14 වෙනි දින සිදු කරන ලද ස්ත්‍රී දූෂණය අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මොහුට විරුද්ධව නඩුවක්ද පවරා ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු වැලිවේරිය පොලීසිය මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා බදුල්ල පොලීසිය වෙත බාර දීමට නියමිතයි.

Read more

Local News