බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක්මත එම ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී අදාළ බීඩි කොළ තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි බීඩි කොළ කිලෝග්‍රෑම 43කට අධික තොගයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරය රේගු අධිකාරී කාර්යාලය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Read more

Local News