පාඨලීගේ රියදුරු 6 දා දක්වා රිමාන්ඩ්

Share

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට නියමිතව සිටි සැකකරුවකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් විය.

 

ඒ අනුව අදාළ සැකකරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

මහේස්ත්‍රාත්වරිය එම සැකකරුගෙන් ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉඩදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

Read more

Local News