බුත්තල කතරගම ප්රධාන මාර්ගයේ, බුත්තල දොලහ කණුව, හත්පෝරුව ප්රදේශයේ දී ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට මැයි ගසක් කඩා වැටීමෙන් දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ.
ඊයේ (24) පස්වරුවේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදිය මතට එක් වරම මෙම ගස කඩා වැටී අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36ක දෙදරු පියෙකි.
මෙම ගස අනතුරුදායක බව අවස්ථා කිහිපයකදීම දැනුම් දීම් කර තිබූ බවත් නමුත් බලදාරින් විසින් ගස ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ප්රදේශවාසීන් චෝදනා කරයි.
බුත්තල පොලිස් නිලධාරීන් සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කරයි.



