ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තාකර තිබුණි.
ජනාධිපතිවරයා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් වහාම පොලීසියට දැනුම් ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටීයි.



