තලවකැලේ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ලෝගි වත්ත ප්‍රදේශයේදි වාහන තුනක් එකිනෙක ගැටිමෙන් සිදු වු අනතුරකින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇත.
පසුව තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය මහ රෝහල දක්වා මාරු කර යවා ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
අද (26) දින පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ලෝගි වත්ත ප්‍රදේශයේදි ය.
නුවරඑලිය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වු ජිප් රථයක් තලවකැලේ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ටිපර් රථයක ගැටිමෙන් පසු ජිප් රථය පිටුපසින් අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් මොටර් රථයේ ගැටිමෙන් ත්‍රිරෝද රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.
නුවරඑලිය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වු ජිප් රථයේ රියදුරාට නින්ද යාම නිසා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ටිපර් රථයේ ජිප් රථය ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පැවසිය.
අනතුරෙන් මොටර් රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.



