මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ අද දිනය තුළ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට ප්‍රතිඵල නිකුත් කරන බවයි.
මෙවර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා සිට එම මස 31 වන දින දක්වා පැවැත්වුණි.
ඒ සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිටියේය.
නව නිර්දේශය යටතේ ඉක් අපේක්ෂකයන් එක්ලක්ෂ 98,229 දෙනෙකු පෙනි සිටි අතර පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක් ලක්ෂ 39,475 දෙනෙකු පෙනී සිට තිබේ.



