ඇඹිලිපිටිය, සංඛපාල ප්රදේශයේ දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
අද (27) උදෑසන 05.00ට පමණ බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.
අනතුරෙන් මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙක්.
තුවාල ලැබු තවත් දෙදෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය.



